මෙනුව
මල් අස්නේ රාජ මහා විහාරස්ථානයේ ශ්‍රී විෂ්ණු දේවතාවුන් වහන්සේගේ ප්‍රතිමාව
ක්‍රි.ව.1250 දී දඹදෙණිය අග නගරය කර ගෙන රජ බවට පත් වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජු දේවපතිරාජ නම් ඇමතිවරයා ලවා මෙරට වෙහෙර විහාර ඉදි කළ අතර විශේෂයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා බෙන්තර සිට කළු ගග ඔස්සේ මාර්ගයක් සකසා ඒ මාර්ගය ආශ්‍රිතව ඉදිකළ විහාර අතර උග්ගල්බඩ මල් අස්නේ රාජ මහා විහාරය සුවිශේෂී ස්ථානයකි .
බුදු සසුනෙත් විහාරයෙත් ආරක්ෂාව මෙන්ම රජ බිසවුන්ට එකම ස්ථානයකදී බුද්ධ වන්දනාවත් , දේව වන්දනාවත් දේව ආශීර්වාදය ලැබීමත් අරමුණු කොට ගෙන මෙම යුගයේදී විහාරස්ථානයේ ප්‍රධාන පිළිම වහන්සේ අසලින්ම ශ්‍රී විෂ්ණු දේවතාවුන් වහන්සේගේ ප්‍රත්මාවක් නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයකි.මෙම ප්‍රතිමා තිරිවානා වැලි මිශ්‍ර මැටි බදාමයකින් නිමවා ඇත.
මෙම විහාරයේ නිමවා ඇති බුද්ධ ප්‍රතිමාව හා අට රියන් සැතපෙන පිළිම වහන්සේ නමක් වන අතර ඒ ප්‍රමාණයටම ගැළපෙන පරිදි විශාල ක්ෂ රූපයෙන් ශ්‍රී විෂ්ණු දේවතාවුන් වහන්සේගේ ප්‍රතිමාව නිමවා ඇත.අතීතයේ සිටම මෙම පූජනිය ස්ථානය විවිධ හාස්කම් වලින් යුත් බව පැරණි බෞද්ධයන් දරන මතයයි.මේ යුගයේ පවා බෞද්ධයන් විහාර වන්දනාව සමග දෙවියන්ට පින් දී දේව ආශීර්වාදය ලැබීම දේව පූජා දේව කන්නලව් කිරීම භාරහාර වීම බහුලව සිදුවේ.එහි ප්‍රතිඵල අනුව භාරහාර ඔප්පු කිරීම්ද බහුලව දක්නට ඇත.විශේෂයෙන්ම උත්සව සමයේ විශාල පිරිසක් විහාර වන්දනාවත් සමගම විෂ්ණු දේවතාවුන් වහන්සේගේ දේව ආශීර්වාදය ලැබීම දක්නට ඇත._____________________________________