top of page

                      මල් අස්නේ රාජමහා විහාර බෝධීන් වහන්සේ

 

                                                        මල් අස්නේ රාජ මහා විහාරස්ථාන භුමියෙහි වැඩ වසන බෝධීන් වහන්සේ ඇති අනුහස් සම්පන්නය.මෙම බෝධීන් වහන්සේ විහාර භුමියෙහි රෝපණයකිරීම රජ කාලය දක්වා දිවයන අතීතයක් පවතින බව මුතුන්මිත්තන්ගේ අදහසයි.ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලෙස සැලකෙන මෙම බෝධීන් වහන්සේ අෂ්ඨඵල බෝධියකි.

                                                         මෙම බෝධීන් වහන්සේ සමීපයෙහි අදටත් ශේෂව පවතින ගල්පොත්ත මත මල් ලක්ෂයක් පූජා කර ඇති බවත් එබැවින් විහාරය නමින් ප්‍රකට වූ බවද පුරාණයේ සදහන් වේ.

                                                         බෝධීන් වහන්සේ ඉදිරිපිට පවතින ප්‍රධාන මල් ආසනය ක්‍රි.ව.1938 එනම් බු.ව.2481 දී මල් අස්නේ රාජ මහා විහාර ශ්‍රී පුණ්‍යවර්ධන තරුණ බෞද්ධ සමිතිය මගින් කරවන ලදී. එමෙන්ම බෝධීන් වහන්සේ වටා ක්‍රි.ව.1938 දී පූජ්‍ය පාන්තියේ ගුණසිරි හිමිපාණෝ ප්‍රධාන අයි.කරන්නාගොඩ හිමි සාමුහිකව දර්ශනීය ප්‍රාකාරයක් ගොඩ නැගූ සේක .

මල් අස්නේ බෝධීන් වහන්සේ අනුසස් මගින් ජිවිතයේ විවිධ බාධක ජයගත් ගැමියන් අතීතයේ ජීවත්ව ඇති අතර අද දක්වාද මිනිසුන් විභාග ජය , නඩුහබ ජය ,රෝග අපල දුරු කරවා ගැනීමටත් , විදේශ ගමන් බිමන් ජය ලගා කර ගැනීම ආදී දෛනික හුදු මහත් කටයුත්තකටම පෙරාතුව බෝධි පූජා පවත්වති.

                                                            එම බෝධි පූජා මගින් තම තමන්ගේ දුක් කරදර දුරු වී ශාන්තිය ලගා වන බවටත් , බලාපොරොත්තු ඉටුවන බවටත් විශ්වාස පවතී.මල් අස්නේ බෝධීන් වහන්සේ අභියස මල් පහන් පූජා කරන සැදැහැවතුන් සිය ගණනක් සෑම උදය , සවසකම දැක ගත හැකිය.     

  • White Instagram Icon

Contact Us

Address

Capture.PNG

© Copyright 2021 by D Webs.

Tel-071-26 22 864

Email:sridewanandadammaschool@gmail.com

ශ්‍රී දේවානන්ද දහම් පාසල,
මල් අස්නේ රජ මහා විහාරය,
උග්ගල්බඩ

Unknown TrackUnknown Artist
00:00
bottom of page