මෙනුව
අප දහම් පාසලේ වර්තමාන ප්‍රගතිය
කළු ගං නදියේ පහස ලබමින් මල් ලක්ෂයකින් පිදුම් ලත් ස්ථානය මල් අස්නේ රාජ මහා විහාරය නම් විය.එතැන් පටන් විකාශනය වූ මෙහි පුරාවත ඉතාමත් රසබර මෙන්ම වඩා වැදගත් දේවල් වලට තෝතැන්නක් විය.මෙහිදී ඉතාම වැදගත් වූත් රසවත් වූත් දෙයට තෝතැන්නක් වූයේ ශ්‍රී දේවානන්ද දහම් මාතාවයි.
වත්මන් සමාජ සන්දර්භයට නොගැලපෙන සේ දැනුමෙන් පෝෂිත වූ දරු කැලක් බිහි කිරීමට වෙනුවට ආකල්ප කුසලතා වර්ධනයට මුල් තැන දෙමින් බුද්ධිමත් ධාර්මික දරු කැලක් දැයට දායාද කරන්නට කටයුතු කිරලීම අප දහම් පාසලේ මුලික ඉලක්කය වී හමාරය .
බොහොමයක් දහම් පාසල් රටාව තුල දක්නට ලැබෙන ක්‍රමවේදයන් තුලින් මදක් ඔබ්බට යමින් දේවානන්ද දහම් පාසලේ දරුවෝ නිතරම ඉදිරියෙන් සිටිති.අධ්‍යාත්මික සමාජ රටාව ගොඩ නැගීම මෙහි මුලික අරමුණයි.පුරා සතියේ දින පහක්ම තුල දැනුම සොයමින් වෙහෙසෙන දරුවන්ට බොදු දරුවෙකුගේ සදාචාර සම්පන්න වටපිටාවක් සකස් කර දීම ශ්‍රී දේවානන්ද දහම් පාසලේ මුලික අරමුණයි.ඒ වෙනුවෙන්,
· දෙදියවල දේවානන්ද ලොකු ස්වාමින් වහන්සේ
· කැන්නන්තුඩුවේ පඤ්ඤාසාර ලොකු ස්වාමීන් වහන්සේ
· දූවේගම ඉන්ද්‍රජෝති ලොකු ස්වාමීන් වහන්සේ
· දූවේගම ඉන්දසුමන ලොකු ස්වාමීන් වහන්සේ
· පරගස්තොට රේවත ලොකු ස්වාමීන් වහන්සේ
යන යුගකාරක වශයෙන් ප්‍රධානා චාර්ය ධුරය හොබවමින් ශ්‍රී දේවානන්ද අද ලබා තිබෙන ප්‍රගමනය කෙරෙහි රැගෙන එන්නට නොමද ධෛර්යක් ලබා දුන් බව මතක් කරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.
මීට අමතරව තවත් දහම් දරුවෝ වෙනුවෙන් තම දැනුම අභිධර්මය,පාලි භාෂාව,බුද්ධ චරිතය,චරිත කතා සමග සදාචාර සම්පන්න බව ආදී වශයෙන් ගොනු කරමින් දරුවා ඉහලටම ඔසවා තබන්නට වෙහෙස මහන්සි වූ සත්පුරුෂ මහා තෙරුන් වහන්සේලා රාශියක් දේවානන්ද හා අත්වැල් බැද ඇත.
එතරම් සුන්දර එකක් නම් නොවිය.එයින් නොනැවතී ඉදිරියට ඒමේ ප්‍රතිඵලය භුක්ති විදින්නේ වර්තමාන දහම් දරුවන්ය.
මට මතකයි මමත් පුංචි කාලේ බිම එලපු පැදුරක වාඩිවෙලා ගාථා කියපු හැටි.දෝතට ගත්තු සුදු මල් පොකුර අරන් විහාරයට ගිය සැටි.මේ වනවිට ඒ අවස්ථා අද ඉතා තරගකාරී ප්‍රගමනයක් දක්වා දිවෙනවා.මහල් තුනකින් යුත් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල දකිද්දී හිතට දැනෙන්නේ ඇත්තටම ආඩම්බරයක්.එදා අත රැදි මල් අහුරා වෙනුවට සෑම දරුවෙක් අතේම සුදෝ සුදු පාට මල් වට්ටියක්.උදෑසන බුද්ධ වන්දනාව ක්‍රමානුකූලව පෙල ගැහිල තියෙනවා.ඒ විතරක්ද දහම් දැනුම සොයන අතරමගේදී කන වැකෙන භාවනාමය වැඩසටහන.අපටත් ආයේ ළමා කාලයට යන්න හිතෙනවා.
මේ කරුණු මේ ආකාරයට පෙල ගැහෙද්දී දරුවන්ගේ අධ්‍යාත්මය කොයි තරම් දියුණු වෙලාද .පළමු පෙල දරුවා සිට අවසන් පෙල දරුවා දක්වා හැම මුවකින්ම ගාථාවක් හද නැගෙද්දී කොයි තරම් ආඩම්බරද.දැනුම කුසලතා වර්ධනය පැත්තට හැරෙද්දී ප්‍රාදේශීය තරග,දිස්ත්‍රික් තරග,පලාත් තරග වලට අපේ දරුවන් දස්කම් එකතු කරද්දී,ජාතික මට්ටමේ තරගවලට ඉදිරිපත් වෙද්දී අපේ දහම් පාසලට කොයි තරම් ගෞරවයක්ද ?
වර්ෂය මුලදී පෙල ගැසෙන වාර්ෂික වැඩසටහනේදී මව්පිය වන්දනා,ශිල ව්‍යාපාර,භාවනා වැඩසටහන්,ආගමික උත්සව,ජාතික උත්සව,අධ්‍යාපන චාරිකා,අසරණ සරණ සේවා වැඩසටහන්,ශ්‍රමදාන වැනි පොදු කටයුතු, දහම් පාසල් තරග සදහා දරුවන් පෙල ගැස්ම වැනි දේවල් තුලින් වෙනසක් මෙන්ම කුතුහලය දනවමින් දරුවන්ගේ පුංචි මනසට වෙහෙසකර බවක් නොදැනීම කරගෙන යන්නේ හරිම උද්‍යෝගීමත් ලෙසට.ඒ සතුට අකුරු කරලා පෙල ගස්සවන්න පුළුවන් ආකාරයේ සතුටක් නොවේ.
නිරතුරුවම හැම දෙයකදීම ඉදිරියෙන් සිටින ශිෂ්‍ය නායක බල මුළුව හරිම ශක්තිමත්.බොදු වැඩකදී පමණක් නොව සැබෑ මිනිස්කම ඉස්මතු කරමින් තම සහෝදර ශිෂ්‍යයෙකුට ශිෂ්‍යයාවකට පිහිට වෙන්නේ හදවතින්ම නැගෙන බොදු හැගීමෙන් සරල ගුණ දහම් වලින් මදක් ඔබ්බට ගිහින් අධ්‍යාත්මික ගුණ ධර්ම දියුණු කරගන්න මේ නායක මඩුල්ල ගන්නේ අප්‍රතිහත ධෛර්යයක්.
වත්මන් ප්‍රධානාචාර්ය ධූරය හොබවන අති පූජනිය මොරොන්තුඩුවේ සෝභිත ස්වාමීන් වහන්සේ
දරුවන්ගේ හෙට දවස ඉහලට ඔසවා තබන්නට යායුතු නොයා යුතු මග යෙදෙමින් උප ප්‍රධානාචාර්යතුමා ඇතුළු ගුරුවරුන් රාශියකට තවත් ගුරුහරුකම් යොදමින් ගුරු ස්වාමීන් වහන්සේ නමක් වෙමින්,ගන්න වෙහෙස,මහන්සිය ඉතාමත් අති පූජනීය තත්වයෙන් යුතුව සදහන් කළ යුත්තක්ම වෙනවා.
දැනට පන්සලේ වැඩ වාසය කරන පරගස්තොට රේවත ලොකු ස්වාමීන් වහන්සේගේ
නොමද මග පෙන්වීම මහා වග්ග පාලියේ “මාතක්වන් ඛුද්දකයට” අනුව යමින් ගුරු ශිෂ්‍ය සංකල්පය නිබදවම පෙන්වා දෙන්නේ ඉතාමත් පැහැදිලි ලෙසටය.ඉරු දිනයේ පන්සල හා සැරිසරන දහම් දරුවන් කෙරෙහි තම නෙත යොමමින් කටයුතු කරන්නේ ඔවුනට පිහිට විය විගස පිහිට වීමේ අභිලාශය ලොකු ස්වාමීන් තුල රැව් පිලිරැව් දෙනු නියාවෙනි.
දරුවෙකුගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රද්ධාව හා ප්‍රඥාවට මුල්තැන දෙමින් උගත්කම හා බුද්ධිමත් බව රජ කරන සමාජයකට දැහැමි පුරවැසියෙකු දායාද කරන්නට බුදු දහමට අනුව “විද්‍යා දදාති විනයං” යන බුදු වදන පසක් කරමින් ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙකු බිහි කරන්නට පාසලෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන බව අවිවාදයෙන් යුතුව පිලිගනිමින් දරුවාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඊට වඩා යමක් කරන්නට තෝතැන්නක් බදු වූ ස්ථානය ලෙස ශ්‍රී දේවානන්ද දැහැමි මාතාව බව සනාථ කිරීමට නොබියව කිව හැක්කේ ඉහත සදහන් කරුණු පෙල ගැස්ම තුලින් බව ප්‍රකාශ කළ හැක.