top of page

                                      ඇයි අප දහම් පාසල් යා යුත්තේ

            

                  “සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනහෙන

                                                                           අප සිරිලක් දරුවෝ

                   දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින්

                                                                 උදාර ගුණදම් සිත දැරුවෝ”

                                       

                                                   සිරිලක බොදු දරුවන් වන අපට උදාර ගති ගුණ පුරුදු පුහුණු වීමට දහම් පාසල් හදුන්වා  දී ඇත.හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ප්‍රධානත්වයෙන් පළමු දහම් පාසල ගාල්ල විජයානන්දයෙන් ආරම්භ කොට ඇත.සිංහල රටේ දූ පුතුන් විනයවත්,ගුණවත්,ක්‍රියාශීලි දරුවන් කිරීම පුරෝගමිත්වයේ අභිලාශය වන්නට ඇත.රටක දූ දරුවන් රටේ ජීවනාලියයි.නිති පන්සිල් සුරකින ගුණ ධර්මවලින් පෝෂණය වූ දරු පිරිසක් බිහි කර ගැනීම තුලින් රටේ සමෘද්ධිමත්භාවය ඇති වේ.සදාචාර සම්පන්න වීම,ඉවසීම,කරුණාව,මෛත්‍රිය වැනි ගුණාංග පුරුදු පුහුණු කරවන ධර්ම ආයතනය වන්නේ දහම් පාසලයි..එහි ඉගෙනීමෙන් කලහකාරී,අර්බුදකාරී,විනාශකාරී තත්ව මග හරවා ගත හැකිය.ප්‍රිය මනාප දරුවන් බිහි වීම තුලින් සමාජයේ යහ පැවැත්ම සිදුවේ.කතා බහ කිරීමේ සිට සැම කටයුත්තකදීම සිතා බැලීම,නිවැරදි තීරණ ගැනීම ආදිය කළ යුතුයි.

                                                    දහම් පාසල් යන අප නිර්මාණශිලීය,අනලස්ය .සංඝයා වහන්සේ,වෙහෙර විහාර,බුද්ධ ප්‍රතිමා ආදියෙන්බොහෝ සෙයින් සිත එකගතාවකට පත්ව ඇත.නොබියව,නොපසුබටව යම් යම් අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිය දහම් පාසල් යන අපට ඇත. නායකත්වයට ගරු බුහුමන් කරන,අවශ්‍ය තැන නායකත්වය දරමින් කටයුතු කළ හැකි,ඉදිරිපත් වීමේ ශක්තිය ඇති දරුවන් දහම් අධ්‍යාපනය තුලින් බිහි වේ.දහම් අධ්‍යාපනය ලැබිය යුත්තේ සිත සන්සුන් කර ගෙනය.

                                                     දහම් අධ්‍යාපනය ලබන අප බෝසත් දරුවන් ලෙසට නම් කෙරේ.නිවසේ පැවැත්මට,පාසලේ පැවැත්මට,සමාජයේ පැවැත්මට දහම් අධ්‍යාපනය බොහෝ ඉවහල් දහම් පාසල් අධ්‍යාපනය තුලින් සදාචාර සම්පන්න ගුණවත් දරු පිරිසක් බී කර ගැනීමට හැකි බව සැමගේ මතය යි.සියළු දෙමාපියන්ගේ,වැඩිහිටියන්ගේ යහපත් වූ අහිංසක බලාපොරොත්තුවකි එය .එය ඉටු කිරීම අපගේ යුතුකමකි.ඉරු දිනට සුදු වතින් සැරසී මල් වට්ටියක් අතින් ගෙන ගමේ පන්සලේ දහම් පාසැල වෙත පියනගන අපි දෙස දෙමාපියන් මහත් වූ ඕනෑකමින් බලනවා නේද ?

  • White Instagram Icon

Contact Us

Address

Capture.PNG

© Copyright 2021 by D Webs.

Tel-071-26 22 864

Email:sridewanandadammaschool@gmail.com

ශ්‍රී දේවානන්ද දහම් පාසල,
මල් අස්නේ රජ මහා විහාරය,
උග්ගල්බඩ

Unknown TrackUnknown Artist
00:00
bottom of page